Photos විකුණලා සල්ලි හොයන ක්‍රම (Phone එකෙනුත් පුළුවන්)

අද තාක්ෂණවේදියා කියලා දෙන්නේ කොහොමද මේ ලස්සන ලස්සන ෆොටෝස් අරන්ගෙන ඒවා අන්තර්ජාලයේ විකුණලා සල්ලි හොයන්නේ කියලා. ඇත්තටම මේක ලංකාවේ අයට ලේසියෙන්ම කරන්න පුළුවන්, මොකද ලංකාවේ හැම තැනකම වගේ ලස්සන නිසා.

අද කාලේ ගොඩක් දෙනෙක් ළග හොද smartphone එකක් හෝ DSLR කැමරා එකක් තියෙනවා. ඉතින් එක නිකන් තියාගෙන ඉන්නේ නැතුව එකෙන් සල්ලි හොයන්න ක්‍රමයක් තමයි මේ ලිපියෙන් කියලා දෙන්නේ. මේකට ඕන වෙන්නේ හොද කලාත්මක ඇසක්, හොද කැමරා එකක් (හෝ smartphone එකක්) සහ photo editing ගැන යම් දැනුමක් විතරයි. Photo editing ගැන ලේසියෙන්ම Youtube එකෙන් ඉගෙන ගන්න පුළුවන්.

විවිධ කුසලතා මට්ටම්වල ඡායාරූප ශිල්පීන් ඔවුන්ගේ වැඩ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, දැන් වෙන කවරදාකටත් වඩා. බ්ලොග්, ග්රැෆික් නිර්මාණ ශිල්පීන්, අලෙවිකරුවන් සහ ප්රචාරකයන් විශාල සමාගම් වලින්, කුඩා හා මධ්යම ප්රමාණයේ ව්යාපාර වලින් සෑම කෙනෙකුම අන්තර්ජාලය හරහා මිල දීගන්නවා.

මේ ලිපියෙන් ඔයාලා ආස කරන Photography කරන ගමන්ම ඒවා විකුනලා සල්ලි හොයන්න පුළුවන් ප්‍රධාන වෙබ් අඩවි ගැන විස්තර කරනවා.

1.  ඔබේම වෙබ් අඩවියෙහි ඡායාරූප විකුණන්න

අන්තර්ජාලයේ ඡායාරූප විකිණීම සඳහා අංක එකේ හොඳම ස්ථානය තමයි ඔබේම කියලා වෙබ් අඩවියක්.

එකෙන් ඇති වාසි තමයි:

  • ඔබට ඔබේම මිලක් නියම කළ හැකියි.
  • වෙනත් පාර්ශවයකට කොමිස් මුලදක් යන්නේ නැහැ.
  • ඔබගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන අයුරු 100% ක් පාලනය කරන්න පුළුවන්.
  • ඔබට ඔබේම නියමයන් සහ කොන්දේසි සකස් කළ හැකිය

තවමත් වෙබ් අඩවියක් නොමැතිද? ආරම්භ කිරීම අපහසු නැත. ලගදීම තාක්ෂණවේදියා කියා දෙනවා මුල ඉදලා වෙබ් අඩවියක් පටන්ගන්න හැටි. Newsletter එකට subscribe වෙලා ඉන්න.

 

2. Shutterstock

shutterstock
Shutterstock

Shutterstock අන්තර්ජාලය හරහා ඡායාරූප මිලදී ගැනීම සඳහා වසර 15 කට වැඩි ජනප්‍රිය වෙබ් අඩවියක්. ඔවුන් පවසන විදියට ඔවුන්ගේ ගැනුම්කරුවන් සංඛ්‍යාව මිලියනකට වැඩි. ඒ කියන්නේ හොද ලස්සන photos දාන හැමෝටම වගේ මේකේ අවස්ථාවක් තියෙනවා මුදල් උපයන්න.

ඡායාරූප ශිල්පියෙකු ලෙස, ඔබට දිගු කාලීනව මෙම වෙළඳපල සමඟ විශාල මුදල් උපයා ගත හැකිය. ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව ඩොලර් මිලියන 500 කට වැඩි මුදල් ප්‍රමාණයක් දැනටමත් ලෝකය පුරා සිටින photographers ලට ගෙවකා තියෙනවා.

ඔබ මේ වෙබ් අඩවියට photos upload කරලා දායකත්වය දෙනවට ඔවුන් ඔබට  20% සිට 30% දක්වා ගෙවනවා. ගෙවීම් සිදු කරනු ලබන්නේ මාසිකව. මේකේ ඇති ලොකු වාසියක් තමයි ඔබට එකම ෆොටෝ එක වෙනත් වෙබ් අඩවියක upload කරන්න මේ අයගෙන් කිසි බාධාවක් නැති වීමයි.

Website: https://www.shutterstock.com

3. Adobe Stock (පෙර Fotolia)

Adobe Stock
Adobe Stock

Fotolia කලින් නමින් හැදින්වූ Adobe Stock ලෙස දැන් හදුන්වන්නේ. එය වසර 10 කට ආසන්න කාලයක් පුරා පැවති අතර ඡායාරූප විකිණීම සඳහා පළමුවෙන්ම අන්තර්ජාල වෙළඳ සැල් අතරින් එකක් බවට පත්ව ඇත. අනෙකුත් අන්තර්ජාල සාප්පු වලට වඩාහොද ගෙවීමක් මේ සයිට් එකෙන් ලැබෙනවා ඇත.

Fotolia හි upload කරන ඡායාරූප Adobe Stock Library එකේ කොටසක් බවට පත්වේ. එයින් අදහස් වන්නේ Photoshop, Illustrator වැනි අනෙකුත් Adobe Software තුලින්ම මේ ෆොටෝස් පහසුවෙන් මිලදී ගත හැකි බවයි.

ඔයාලට පුළුවන් photo එක විකිනෙන ගානෙන්  20% – 60% අතර මේ මගින්  උපයන්න. ඔබට එකම ෆොටෝ එක වෙනත් වෙබ් අඩවියක upload කරන්න මේ අයගෙන් කිසි බාධාවක් නැහැ.

Website: https://stock.adobe.com

4. 500px + Getty Images

500px
500px + Getty Images

500px යනු ඔබගේ photo collection එහෙම නැත්තම් portfolios සාදා මුදල් ඉපයීම සඳහා අන්තර්ජාල වෙළඳපොළක්. අන්තර්ජාලය ඔස්සේ ඡායාරූප විකිණීම සඳහා හොඳම ස්ථානයක්.

500px සමගනොමිලේ  ගිණුමක් සාදා පින්තූර එකතු කරන්න. ඔවුන් ඔබේ ඡායාරූප හුවමාරු කර ගැනීමෙන් වැඩි ආදායමක් උපයා ගැනීමට උදව්වක් ලෙස තරග පවා තියෙනවා. ඒ තරග වලින් දිනන ෆොටෝ වලට ලොකු ඉල්ලුමක් තියෙනවා.

නමුත් මේ ලගදි ඉදන් 500px වෙනත් සාමගමක් විසින් මිලදී ගෙන තියෙනවා. ඒ අනුව දැන් 500px සියලු photos අලෙවි කරන්නේ Getty Images හරහායි.

Website: https://www.gettyimages.com

කවුද මේ photos මිලදී ගන්නේ?

ලෝකයේ වැඩියෙන්ම මේ වගේ ජයාරූප මිලදී ගන්නේ බ්ලොග් අඩවි කරන අය, අන්තර්ජාල සඟරා කරන අය වගේම වෙබ් අඩවි හදන අය.

මොන වගේ photos වලටද වැඩියෙන් ඉල්ලුමක් තියෙන්නේ?

  • සියලුම ආකාරයේ මිනිස් රූප (Portraits)
  • කාර්යාලවල වගේම පාරේ වැඩ කරන මිනිසුන්
  • කෑම වර්ග
  • විවිද උපාංග (Tools)
  • නගර ජීවිතය
  • ස්වභාවික පරිසරය
  • වන සතුන්

හොදම දේ තමයි මේ සයිට් වලට ගිහින්, වැඩියෙන්ම අලෙවි වෙලා තියෙන photo වර්ග බලන්න. ඒ අනුව තීරණය කරන්න.

මේ ලිපියෙන් ඔයාලට අදහසක් එන්න ඇති කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් මේ වැදගත් උනානම් Facebook එකේ Twitter එකේ share කරන්න.

3 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.